Tuesday, April 30, 2013

මල් සර හීසරින් ඇස් පිල්ලම් යටින් (malsara heesarin)

මල් සර හීසරින් ඇස් පිල්ලම් යටින්
වින්දා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් වලින්
ඉල්ලනේ මාඔබෙන් දෙනවාද මාහට
දෙනවාද මට ආදරේ


මල්සරගේ දුන්න වැරදී මටම වැදුනාදෝ
පාළු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝ
දිගන්තයකින් අනතෙට යන පාර මැද ඉන්නම්
ඔබට ළංවී..


හදේ දොරටුව ළගට ඇවිදින් සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට ඉඩක් නෑ දෙන්නේ
වසර ගණනක් පෙරුම් පුරලා ලෑබු මන්දීරේ
මටම හිමි වු..



මල් සර හීසරින්....

ගායනය : ශෂිකා නිසංසලා

සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්

සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්
සිඹිනා නිසල රැයේ සීතල උමතුව
ඉඳි කටු තුඩකින්
අනිනා නිහඬ රැයේ


ගායනය : අමරසිරි පීරීස්