Sunday, May 5, 2013
ආලෙන් වෙලාගන්න
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ගන්න වෑයම් කලා
මම දෑසින් කලා ඔබට පෙම් යොජනා
ඔබ කලා යොජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්ද ඉන් වෙදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඩනා
පෙම් වසන්තෙ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගෙ නැද්ද තාමත් හිතේ
වසන්තෙ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලාගන්න...
ගායනය : අතුල අධිකාරි/සමිතා මුදුන්කොටුව
Friday, May 3, 2013
වෙන් වී දැන් යන්න ඉතින්, වෙන් වී යන්නම ඕනෙම නම්
වෙන් වී දැන් යන්න ඉතින්
වෙන් වී යන්නම ඕනෙම නම්
කීරි ගැහෙයි හඬන සුසුම්
ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැව්ව සෙනේ
රහසේම කාටද පුදා...
මගෙ සිහිනේ ඉඩ ඉල්ලා
පෙරදා ඔබමයි පිය මැන්නේ
පෙම් පහසේ වෙළී ඉඳලා
කෙළෙසද අද මා හැර යන්නේ
සෙනෙහසින් පෙර එදා....
මගෙ වෙලා උන් ඔයා....
අද මෙසේ වෙන් වෙලා....
මා දමා යයි ඔයා....
පෙම් සිහිනේ දුක රන්දා
ගියාට කම් නෑ සතුට සොයා
මගෙ සෙනෙහේ සිහිවේ නම්
කවදා හෝ යළි එන්න සොයා
සෙනෙහසින් පෙර එදා....
මගෙ වෙලා උන් ඔයා....
අද මෙසේ වෙන් වෙලා....
මා දමා යයි ඔයා...
Thursday, May 2, 2013
නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ
නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ
නොපත ඉන්න බෑ තවනම් ඔබේ ජීවිතේ
නොහඩා ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ
නොනිද ඉන්න බෑ ඔය හදවතේ...
නොදැක ඉන්න බෑ තවමත් අපේ ආදරේ
හද පාමුලේ නැවතී ඔබේ
මතකේ අපේ අදටත් මැවේ
පෙර පෑ සිනා සේද ගියා කදුළක් නිසා
මම දන්නවා පෙර මන් බලා ඔබ ඇති කියා
හැමදාම මා... ඔබගේ තමා...//
සතුටක් හිතේ නැතිවත් මගේ
පැතුමන් ලයේ තවමත් තිබේ
හැමදේ දමා පියඹා ඔබේ තුරුලට වෙලා
සතපා හොවා උකුලේ තියා සෙනහස දොවා
නොදුරේ මා... එනවා සොයා...//
නොදැක ඉන්න බෑ......
මගේ කියා ඈත්වෙලා වේදනා දුන්න
මගේ කියා ඈත්වෙලා වේදනා දුන්න
හිතලග පෙම් සිහින වලම හිදින්නේ ඔබම
ඇස්දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන්නැතිවාට
කදුලු මතක අපේ සිහිකර හඩන්නේ තනිව
දුර රැදිලා කදුලු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නේ නෑ
නාදුනනා ලෙස හැරදා මට ඉන්න බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නේ නෑ
හිතදවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම ඇඩුව තරම් ඔයා දන්නේ නෑ
මේ දෑසට යලිකිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලිහිමිවෙන්නේ නෑ......
Subscribe to:
Posts (Atom)