Thursday, May 2, 2013

මගේ කියා ඈත්වෙලා වේදනා දුන්න


මගේ කියා ඈත්වෙලා වේදනා දුන්න
හිතලග පෙම් සිහින වලම හිදින්නේ ඔබම
ඇස්දෙක ආයේ ඔබේ ඉතින් හිමිවෙන්නැතිවාට
කදුලු මතක අපේ සිහිකර හඩන්නේ තනිව

දුර රැදිලා කදුලු දරන් මට හිදින්න බෑ
මා තනිවම විදිනවා දුක ඔයා දන්නේ නෑ
නාදුනනා ලෙස හැරදා මට ඉන්න බෑ
කවදාවත් මට ඔයාව යලි හිමිවෙන්නේ නෑ

හිතදවනා මතක තියන් මට හිදින්න බෑ
රෑ තනිවම ඇඩුව තරම් ඔයා දන්නේ නෑ
මේ දෑසට යලිකිසිදා ඔබ හමුවන්නේ නෑ
කවදාවත් මට ඔයාව යලිහිමිවෙන්නේ නෑ......

No comments:

Post a Comment