Saturday, June 15, 2013

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ - ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල්‍ දෙවැට ළඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව

සංසාරයේ යළිදු නවාතැන් සොයායන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න..

~සුනිල් එදිරිසිංහ~

No comments:

Post a Comment