Saturday, June 15, 2013

බුදුබණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා

බුදුබණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැළ පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදුවෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැ‍ණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කර ගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත දියන් ලංවෙලා
එපා සිල් ඇවැත් වෙයි මවු සෙනෙහෙ සිහිවෙලා

බණ කතා කියන පුත හුරතලෙන් මුව විදා
කඳුළු පිස දික නිවෙන බණ අසමු නෙතු පියා
හැඟුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

බුදුබණක් කියන්නට ............


ගායනය :- එඩ්වඩ් ජයකොඩි

No comments:

Post a Comment