ළමා වියේ කිරි සුවඳ ගියේ නැති
ළමා වියේදී කසාවතක් හැඳ
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුනේ
සසර පුරුද්දක් හිතේ තියෙන්නැති
පෙර සංසාරේ පිං කරලා ඇති
පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
තනියම හිතිලද මහණ වුනේ
ළමා වියේ කිරි සුවඳ ගියේ...
පොඩි හාමුදුරුවො වාගේ සුරතල්
පුංචි ළමුන්ගේ කෙලි සෙල්ලම් දැක
සන්සුන් ගමනින් කොහෙද වඩින්නේ
සෙල්ලම් පිට්ටනි පසුකරලා
ළමා වියේ කිරි සුවඳ ගියේ...
ගායනය : මාලනී බුලත්සිංහල
No comments:
Post a Comment