ආදරය සුන්දර වරදකි....
කිසිදා සමාවක් නම් නැති....
මට පෙන්නලා ආලේ හැටි....
නුඹ දුන්නු දුක හොදටම ඇති....
ඉදුවර නුවන් දෑලේ වැටී පෑහී....
දැහැනේ වෙලී උම්මාද වූයේ මා....
වෙනකෙකු දිහා බැලුමට යලි....
මට නෙත් නැතැයි කෙදිරුවේ කව්රුන්දෝ....
ආදරය සුන්දර වරදකි....
පුළුලුරු තලා වීණා බදේ දැවටී....
රතැගිලි බැදී නිම්නාදයේ අනුරා....
හද ස්වර තලා කම්පිත වෙවී....
මට මා පවා නැති කලේ කව්රුන්දෝ....
ආදරය සුන්දර වරදකි....
ගායකයා කරුණාරත්න දිවුල්ගණේ
source
No comments:
Post a Comment