Saturday, June 15, 2013

ඔය ඇස් පියාන ඔ‍හොම - ඉන්න ‍රහසක් තියනව කියන්න

ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
‍රහසක් තියනව කියන්න
රහස ඉවර වුණත් එපා
මං යනතුරු ඇස් අරින්න

ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමය ද ආදරේ

ඔය ඇස් පියාන .....

ස්නේහෙන් නුවන් සැලෙන
පිළිතුරු ඔබෙන් එනතුරා
ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
හදත් ගොළුවෙලා
මාන්නයට හඬන්න බැරි
තව කෙනෙකුට කියන්න බැරි
මට නොලැබේ ද ආදරේ

ඔය ඇස් පියාන .....

ගායනය :- කිත්සිරි ජයසේකර

No comments:

Post a Comment