අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි.....
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි.....
ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ.....
අසනි හඩින් නෑ කදුබිම් සසල වුනේ.....
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා.....
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා.....
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි.....
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි.....
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි.....
ඔබ වට කහවනු පවුරට මහ දුරකි.....
Deepika priyadarshani & Sunil Edirisinghe
No comments:
Post a Comment