Saturday, June 15, 2013

සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව

සිත්තම් කරමින් මනසේ... ඔබෙ රුව
කවදා හෝ.. යලි දකින තුරා..
රැව් පිළි රැව් දී.. ඇසෙන ඔබේ හඩ
යළි මගෙ සවනත වැකෙන තුරා....
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ....
භවය පුරා.......

දෙලොවක් අතරේ.. සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව අතී...
ඔබ මගෙ මුළු ලොකය නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී..
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ....
භවය පුරා.......

භවයෙන් භවයේ.. අහිමිව හිමි වන
නොපිරූ පරමිතාව පුරා..
සමු ගනිමුද අපි අපේම වූ මතු
භවයක යලි හමුවෙමුයි පතා...
විදින්න දුන් ජීවිතය අරන් මම
විදවන්නද මේ....
භවය පුරා.......

ගායනය: දයාන් විතාරණ

No comments:

Post a Comment